top of page

ප්‍රකාශ

ශ්‍රී ලංකා අපෝස්තලික දයෝසීසය 

REDL0513.JPG

ගරු අග්‍රාමාත්‍ය තුමන් විසින් 2015 ජූලි මාසයේ පැවති ශ්‍රී ලංකා අපෝස්තලික නිකායේ සමාරම්භක උත්සවය අමතා කළ කතාව

(ඉංග්‍රීසි බසින් කළ කතාවෙහි සිංහල පරිවර්තනය)

ඉන්දියානු අපෝස්තලික ධර්ම දූත මෙහෙවරෙහි ශ්‍රී ලංකානු පරිච්ඡේදයේ සමාරම්භක උත්සවය සිදුවන මේ දිනය ඉතාමත්ම වැදගත් වෙන්නේ, රජය විසින් ක්‍රිස්තියානි බලධාරීන්ට පැවරූ ඇතැම් රාජකාරි ඉටු කිරීමට, අපේ රටේ ක්‍රියාත්මක වෙන විශාල ප්‍රමාණයක නිදහස් සභාවන්ට නිල පිළිගැනීම ලබා ගැනීමට හැකි දිනයක් ලෙසටයි. එම නිසා එය එක අතකින් සංවිධානාත්මක ජාලයක් සපයනවා. තවද ඔවුන්ට දැන් නිදහස් සභාවන් විදියට ඔවුන්ගේම ආගමික ඇදහීම් චාරිත්‍රයන් සිදු කිරීමට නිදහස තියෙනවා. ජේසු සමිඳාණන් කුරුසියේ ඇණ ගැසීමෙන් පසුව, ක්‍රිස්තියානි ධර්මයේ පැවැත්මට හේතු වුණේ, යුරෝපයේ පීඩාකාරී බලවේගවලට ඔරොත්තු දීමටත්, ඉන් පසුව රෝමයේ බිශොප් පදවිය ස්ථාපිත කිරීමටත් තරම් මේ ස්වාධීන කුඩා දේවස්ථාන ශක්තිමත් වුණු නිසා. කෙසේ නමුත් මැද පෙරදිග සහ පෙරදිග නිදහස් සභා වර්ධනය වෙලා චීනය දක්වා පැතිර ගියා සේම ඒවා කේරළයට පැමිණි පසු ලංකාවටත් පැමිණියා. ඔබට අනුරාධපුරයේ දී නෙස්ටෝරියන් කුරුසය හමු වෙනවා. එසේම ඉස්ලාමය බලයට පත් වීමට පෙර නෙස්ටෝරියානු දේවස්ථාන සහ නිදහස් සභා ඉතාමත් සමෘද්ධිමත්ව තිබුණා. නෙස්ටෝරියානු සහ බෞද්ධ යන දෙඅංශයෙන්ම මෙන්ම අනෙකුත් ආගමික පූජස්ථාන 19 වන සියවස දක්වාම විනාශ නොවී පැවතුණා. එසේ වුණත්, සමහර නිදහස් දේවස්ථාන යුරෝපීය දේවස්ථානවලට කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවූ සමෘද්ධිමත් ක්‍රිස්තියානි සංස්කෘතියක් පෙන්නුම් කළා. ඇතැම් ඒවා අපි දැන් මේ කියන විවිධ නෙස්ටෝරියානු සහ වෙනත් දේවස්ථානවලට වඩා වෙනස් ලිහිල් ආකෘතියකට අයත් වෙනවා.

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු රජය, ඔබ සියලු දෙනාගේම ආගම් ඇදහීමේ අයිතිය සුරක්ෂිත කිරීමට සහ තහවුරු කිරීමට කැපවී සිටිනවා. කිසිම ආගමකින් දේශනා කරලා නැහැ, වෙනත් ආගම්වලට අයිති සිද්ධස්ථාන විනාශ කරන්න කියලා. ඒ නිසා අන්තවාදීන්ට ඇවිත් සිද්ධස්ථාන කඩා බිඳ දමන්න අපිට ඉඩ දෙන්න බැහැ. ශ්‍රේෂ්ඨතම බෞද්ධ අධිරාජ්‍යයා වුණු  අශෝක මහා අධිරාජ්‍යයා තම අධිරාජ්‍යය තුළ සියලු ආගම්වලට අයත් මිනිසුන්ට ආගම් ඇදහීමේ නිදහස තිබිය යුතු බව ඔහු විසින් ගොඩනැගූ ස්තම්භවල නැවත නැවතත් සඳහන් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ අපි එම සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යමින් සිටිනවා. ඉතින් කවුරුහරි ඇවිත් කියනවා නම් තමන්ගේ ආගම තියෙන්නේ අනිත් අයව විනාශ කිරීමෙන් විතරයි කියලා, එතකොට එයා ඒ ආගමට අයිති කෙනෙක් වෙන්නේ නැහැ - ඒකාන්තයෙන්ම ඒ පුද්ගලයා බුදුදහමට අයිති නැහැ. කිසිම ආගමික ස්ථානයක විනාශය දැකීමේ පදනමක් අපිට නැහැ. ඇත්ත වශයෙන්ම පෘතුගීසීන්ගේ පැමිණීමට පෙර විවිධ ප්‍රදේශවල විවිධ පාලකයන් සිටි නමුත් ඔවුන් කිසි විටෙකත් අන්‍ය ආගමික සිද්ධස්ථාන විනාශ කළේ නැහැ. ඔවුන් අන්‍ය ආගමිකයන් දිනා ගැනීමට උත්සාහ කළා.

 

අපි මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට කැප වෙලා ඉන්නේ, එහි ආගමික නිදහස සඳහා වූ විධිවිධාන ආරක්ෂා කිරීමට වගේම ආගම්වලට තවදුරටත් ඉදිරියට යාමට උපකාර කිරීමට. රජය සහ ආගම වෙන් වන්නේ කොහොමද යන්න ගැන විවිධ මත තියෙනවා. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්. නමුත් අපි විවිධ ආගම්වලට අයත් නියෝජිතයන් සිහිපත් කළ යුතුයි. එබැවින් විවිධ අමාත්‍යාංශ, අමාත්‍ය මණ්ඩල කාරක සභා සහ ඔවුන්ගේ බෞද්ධ කටයුතු, හින්දු කටයුතු, මුස්ලිම් කටයුතු සහ ක්‍රිස්තියානි කටයුතු සඳහා වන ශාඛා හරහා ඒ ඒ අයට උදව් කිරීමට අපි ඔවුන්ට ඉඩ දෙනවා. ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ සංවිධානයන් තුළ ඔබට ඔබේ උපරිම කොටස ඉටු කිරීමට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

ජේසු සමිඳාණන් වහන්සේගේ පණිවිඩය අපගේ රට තුළ රැගෙන යාමට හැකි වේවා යැයි, මම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා.

ඉන්දියානු ජාතික අපෝස්තලික නිකායෙහි (INA) ප්‍රධානී, ගරු පෝල් ටී මාරන් බිෂොප්තුමාගේ දේශනය

(ඉංග්‍රීසි බසින් කළ දේශනයෙහි සිංහල පරිවර්තනය)

ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය (ADC) පිහිටුවීම පිළිබඳව දෙවියන් වහන්සේට ස්තුති කිරීමේ යාච්ඤාවෙන් සිය කතාව ආරම්භ කළ බිෂොප්තුමා ජාතියේ නායකයින්ට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයේ ආශීර්වාදය ඉල්ලා සිටියේය.

 

මෙම අපූරු දිනයේ දී, මම කැමතියි, ඉන්දියානු ජාතික අපෝස්තලික නිකායෙහි (INA), ශ්‍රී ලංකා පරිච්ඡේදය වන, ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය පිළිබඳ වචන කිහිපයක් කතා කිරීමට. නිදහස් සභාවක් ලෙස සහ දෙවියන් වහන්සේගේ සේවකයන් ලෙස නැගී සිටීමට දැන් කාලය පැමිණිලා තිබෙනවා. 1991 සිට, බොහෝ දෙනෙකු රාජ්‍යයට ගෙන ඒම සඳහා නිර්දය ලෙස ක්‍රියා කළ නිදහස් සභාවන්ට නීතිමය බලය සහ පිටුබලය ලබා දෙන ලෙස සමිඳාණන් වහන්සේ මට උපදෙස් දෙන ලද්දේය.

 

සියලුම පිළිගත් ආගමික ආයතනවලට ඔවුන්ගේ ඇදහිල්ල තුළ ක්‍රියාත්මක වීමට ලෝකයේ රජයන් ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දී ඇති බව අපි දන්නවා. කෙසේ නමුත් නිදහස් සභාවන්ට ද එම නිදහස සහ වරප්‍රසාද භුක්ති විඳීමට නම් නිසි සංවිධානාත්මක ව්‍යුහයක් අවශ්‍ය බව අපි විශ්වාස කරනවා. ඉන්දියානු ජාතික අපෝස්තලික නිකාය (INA) සහ ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය (ADC) මෙම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියා කරන නමුත්, ඒවා රජය විසින් බලපත්‍රලාභී අධිකාරියක් ලෙස පිළිගත යුතුයි. බොහෝ අය දේවවචනය මත එළිදරව් කිරීම කළ නමුත් ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට රාජ්‍යය තුළ ඔවුන්ගේ ස්ථානය බලවත් කිරීමට අවශ්‍ය අධ්‍යාපනය හෝ දේවධර්මීය පිටුබලය තිබෙනවා. එවැනි අයව පුහුණු කරවා දේවගැතිවරුන් හා පූජකවරුන් ලෙස පත් කිරීමට සමිඳාණන් වහන්සේ මට ප්‍රඥාව ලබා දී, එයට  මාර්ගය ද පෙන්වා දෙන ලද්දේය. එවැනි ස්වාධීන දේශකවරුන් සහ දේවගැතිවරුන් 12,000ක් පමණ පුහුණු කරවා, පත් කරන ලෙස සමිඳාණන් වහන්සේ මට මේ වන විට උපදෙස් දී ඇත්තේය. ඉන්දියානු ජාතික අපෝස්තලික නිකාය (INA) විසින් ප්‍රාන්ත 22ක නිදහස් සභා සඳහා, නීතිමය රාමුවක් සහ රජයේ අනුමැතිය ලබා දී ඇති අතර, මෙමගින් ඔවුන්ට ලැබිය යුතු ගෞරවය සහ අධිකාරිය ලබා දී තිබෙනවා. ඔවුන් දැන් ඉන්දියානු ජාතික අපෝස්තලික නිකායෙහි  (INA) සෙවණ යටතේ ක්‍රියාත්මක වන අතර, ආරක්ෂිත සහ ගැටුම්වලින් තොර පරිසරයක වැඩ කිරීමට ඔවුන්ට දැන් හැකියාව තිබෙනවා. අපි සියලු මහිමය අපගේ සමිඳාණන් වහන්සේ වන දෙවියන් වහන්සේටත්, සියල්ල කළ හැකි උන් වහන්සේගේ පුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටත් පුද දෙන්නෙමු. ඉන්දියානු ජාතික අපෝස්තලික නිකාය දැන් පෙරට යන ආශිර්වාදයම ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය වෙත ද ලැබේවා යැයි මම ප්‍රාර්ථනා කරනවා. ඉන්දියානු ජාතික අපෝස්තලික නිකාය (INA) සතුව දේවගැතිවරුන් සහ දේශකවරුන් සඳහා රජයේ අනුමත අධ්‍යාපන හා උපාධි වැඩසටහන් ද තිබෙනවා. මේවා ඉතා උසස් ප්‍රමිතියකින් යුක්තයි; INAD විවෘත විශ්ව විද්‍යාල සහතිකය වලංගු සුදුසුකමක් වනවා සේම නිකාය විසින් ලබා දෙන නිර්දේශ ලිපියක් පවා ඉහළ බලපෑමක් ඇති කරන්න සමත් වෙනවා.

 

INA ශ්‍රී ලංකාව සහ අනෙකුත් ජාතීන් වෙත ව්‍යාප්ත කිරීමට දායක වූ ඉතා වැදගත් පුද්ගලයින් දෙදෙනෙකු ගැන ද මම ඔබට සිහිපත් කිරීමට කැමතියි. පළමුව කණ්ඩායමක් ලෙස අපට පීඩා කරන අය; ඔවුන් අපට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් ඉදිරියට යාමට උපකාර කළා. ඔවුන් යම් දවසක පියාණන් වෙතට හැරී එන නාස්තිකාර පුත්‍රයන් හා සමානයි. මොකද අපි කරන්නේ දෙවියන් වහන්සේගේ කාර්යයක් නිසා; අපි දෙවියන් වහන්සේට සේවය කරන අතර දෙවියන් වහන්සේගේ මෙහෙවරට සහාය වීමට සිටින නාස්තිකාර පුත්‍රයන් වෙනුවෙන් අපි උන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා. අනෙක් පුද්ගලයා ශ්‍රී ලංකා අපෝස්තලික නිකායෙහි (ADC) ප්‍රධාන නියාමක ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් දේවගැතිතුමා. ආචාර්ය කර්බි දේවගැතිතුමාට අපි ආශීර්වාද කරනවා. ඔහුගේ ජීවිතය පිළිබඳ හෙළිදරව් කිරීම ගැන සමිඳාණන් වහන්සේට ස්තූතිවන්ත වන අතර, ශ්‍රී ලංකා අපෝස්තලික නිකායෙහි කාර්යයන් සඳහා ඔහුට ආශීර්වාද කරනවා, එය කවදා හෝ INAට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපි විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙම එකමුතුවට පහසුකම් සැලසීමට සමිඳාණන් වහන්සේ යොදාගත් INAහි ජාත්‍යන්තර නියාමක ගරු ආචාර්ය ටෝනි ඒබ්‍රහම් දේවගැතිතුමාට ද අපගේ ස්තුතිය පුද කර සිටිනවා.

 

අද අපි ඔබට දෙන්න යන සහතිකය රජය පවා පිළිගන්නවා. නිදහස් සභාවන්ට දැන් එපිස්කෝපල් අධිකාරියක් ඇති අතර එමඟින් ඒවාට ව්‍යුහය ලබා දෙනවා. අපි ඔබ සැමට ජේසුස් වහන්සේගේ ඉතා බලවත් නාමයෙන් ආශීර්වාද කරන්නෙමු.

 

ගරු පෝල් ටී මාරන් බිෂොප්තුමා ප්‍රධානීත්වය දරන, ඉන්දියානු ජාතික අපෝස්තලික (INA) නිකායෙහි නිර්ණායක යටතේ නිදහස් සභා 11,500කට අධික සංඛ්‍යාවක් එපිස්කෝපල් දේවගැති අයිතිවාසිකම් සමඟ ලියාපදිංචි වී ඇති අතර, INA ජාත්‍යන්තර සිනොඩ්හි ස්නේහවන්ත පිළිගැනීම යටතේ අසල්වැසි ජාතීන් තුළ වර්ධනය වෙමින් පවතියි.

Paul T Maran.png

2024  උපාධි ප්‍රදානෝත්සවයේදී රදගුරුතුමාගේ කතාව

අතිපූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් (සම්පූර්ණ දේශනය) 2024 ADC හි උපාධි ප්‍රධානෝත්සවයේදී

bottom of page