top of page

බිෂොප් කර්බි ද ලැනරෝල් 

ශ්‍රී ලංකා අපෝස්තලික දයෝසීසය 

DSC03414.jpg

ශ්‍රී ලංකා අපෝස්තලික නිකායෙහි ප්‍රධාන නියාමක සහ

මහ ලේකම්: ජාත්‍යන්තර ස්වාධීන අපෝස්තලික රදගුරු පදවිය සිනොඩ් (IIADS)

ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් බිෂොප්තුමා

ඉන්දියාවෙහි රාජ්‍ය පිළිගැනීම ලත් විශාලතම සහ එකම කැරිස්මැටික්/පෙන්තකොස්ත නිකාය වන ඉන්දියානු ජාතික අපෝස්තලික නිකාය (INAD) විසින් ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් බිෂොප්තුමා,   2015 දී ශ්‍රී ලංකා අපෝස්තලික නිකායෙහි ප්‍රධාන නියාමක/ නායක දේවගැති තුමා ලෙස පත් කරන ලදී. ඔහුට INAD විවෘත විශ්වවිද්‍යාලය විසින් ආචාර්ය උපාධියක් පිරිනමා ඇත. තවද ඔහු ඉන්දියානු ජාතික අපෝස්තලික නිකායෙහි අන්තර් ආගමික සහජීවනය පිළිබඳ ජාත්‍යන්තර ලේකම්වරයාය. ඔහුගේ දේශීය කිතුනු සභාව වන WOWlife,  ඇමරිකා එක්සත් ජනපදයේ 501 C3හි ආයතන ගත කර ඇත.

 

ගරු ආචාර්ය කර්බි ​ද ලැනරෝල් දේවගැතිතුමා 2019 දී අගමැති කාර්යාලයේ උපදෙස් මත, ශ්‍රී ලංකාවේ නිදහස් හා ස්වාධීන කිතුනු සභාවන් සඳහා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකාරක තනතුර ලබා ගන්නා ලදී.

 

ජාතිය තුළ අන්තර් ආගමික සහජීවනය වැඩි දියුණු කිරීමෙහි ලා, පන්සල සහ පල්ලිය අතර සබඳතාවක් ගොඩනඟා ගැනීමේ සමාජ මෙහෙවර වෙනුවෙන්, ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් දේවගැතිතුමා ‘දේශාභිමාන’ යන ගෞරව නාමයෙන් ද පිදුම් ලබා ඇත. ඔහුගේ කිතුනු සභාව, ප්‍රාදේශීය බෞද්ධ විහාරස්ථාන සමඟ එක්ව කටයුතු කරමින් සමාජ උන්නතිය උදෙසා ප්‍රජාවට සේවය කිරීමේ පළමු කැරිස්මැටික්/පෙන්තකොස්ත මෙහෙවරෙහි නියමු ආකෘතියක් ආරම්භ කරන ලදී.  එසේම එතුමා දිවයිනටම සාම විනිසුරුවරයෙකු ලෙස ද කටයුතු කරයි.

ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් දේවගැතිතුමා කුඩා කාලයේ සිටම පෞද්ගලික අංශයේ ක්‍රියාකාරියෙකු විය. ඔහු වයස අවුරුදු 22 වන විට තේ අපනයන ඇසුරුම් සමාගමක් පිහිටුවීමට මූලික වූ අතර, ඉන් පසුව 2010 සහ 2011 වසරවල එය අඛණ්ඩව අගය එකතු කිරීම සඳහා වූ මධ්‍යම පරිමාණ අපනයන සම්මාන දිනා ගැනීමට සමත් විය. ඔහු 2003 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජෙබෙල් අලි හි ඩොලර් මිලියන 25ක අලොකොසායි (Alokozay) තේ කම්හලක් ද පිහිටුවීය. එසේම ඔහු දැනට ශ්‍රී ලංකාවේ මත්ස්‍ය හා ඉස්සන් ගොවිපලක සහ ප්‍රමුඛ පෙළේ භාණ්ඩ වෙළඳ ආයතනයක හිමිකරුවෙකු මෙන්ම හවුල්කරුවෙකු ලෙසත්, බලශක්ති උපදේශක ආයතන හවුල්කරුවෙකු ලෙසත් කටයුතු කරයි.

 

ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් දේවගැතිතුමා රාජ්‍ය අංශ සමඟ ද සේවය කර ඇත. ඔහු වයස අවුරුදු 28 දී කැබිනට් අමාත්‍යවරයෙකුගේ විධායක උපදේශකවරයෙකු ලෙස ප්‍රථම වරට රාජ්‍ය සේවයට පිවිසියේ, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද රජයේ නිල තනතුරක් දැරූ ළාබාලතම පුද්ගලයින්ගෙන් කෙනෙකු බවට  පත් වෙමිනි. ක්‍ෂේත්‍රය තුළ තවදුරටත් තම සේවය පතුරුවා හරිමින්, ගරු ආචාර්ය කර්බි දේවගැතිතුමා ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරියෙහි (NAQDA) අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු වූ අතර, ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ජලජීවී වගා සංවර්ධන ජාතික ව්‍යාපෘති සම්බන්ධීකාරක වරයෙකු ද විය. තවදුරටත් ඔහු විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයාගේ උපදේශකවරයා ලෙස පත් කරනු ලැබීය.

 

ඔහුගේ සමාජ ව්‍යාපෘතියේ, මරදාන ප්‍රදේශයේ සාර්ථකත්වය: Warehouse ව්‍යාපෘතිය ඔහුව සමාජ සේවා අමාත්‍යාංශයේ විධායක උපදේශක ලෙස පත් කිරීමට හේතු විය. මෙම කාර්යාලය තුළ ඔහු ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස සේවය කළ සමයේ එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සේවකයන් (UNV) විසින් අරමුදල් සපයනු ලබන ජාතික ස්වේච්ඡා ලේකම් කාර්යාලය (NVS) පිහිටුවා ආරම්භ කර ලදී. ඉන්පසුව ශ්‍රී ලංකාවේ එවකට සිටි ජනාධිපතිවරයා විසින් ඔහුව ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාතික කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස පත් කරන ලදී.

 

ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් දේවගැතිතුමා, 2012 දී හඳුන්වා දුන් ගෞරවාන්විත "වී සම්මාන" සංකල්පයේ නිර්මාතෘවරුන්ගෙන් අයෙකි. එය රටේ ස්වේච්ඡා සේවා සඳහා වන ජාතික සම්මානය වේ.

 

ගරු කර්බි ද ලැනරෝල් දේවගැතිතුමා ඔහුගේ තරුණ අවධියේ දී ක්‍රීඩකයෙකු වූ අතර බොක්සිං සහ රයිෆල් වෙඩි තැබීමෙන් ඔහු ජාතික සම්මාන දිනාගෙන ඇත.

 

අධ්‍යාත්මිකත්වය සහ නිරාහාරව සිටීම පිළිබඳව කළ කතාවන් හේතු කොටගෙන ගරු ආචාර්ය කර්බි දේවගැතිතුමා TedX වැඩසටහනෙහි සහ ඉන් පසුව 2013 දී National Geographic (NatGeo) නාලිකාවෙහි කැපී පෙනෙන චරිතයක් විය.

 

ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් දේවගැතිතුමා යනු ශ්‍රී ලංකාවේ පිහිටි WOWLife සභාවෙහි ප්‍රධානියාය. ඔහු ඉන්දියානු ජාතික අපෝස්තලික නිකායෙහි (INAD) ගරු ආචාර්ය පෝල් ටී මාරන් බිෂොප්තුමාගේ සහ ගරු ආචාර්ය නීල් ඔබේසේකර බිෂොප්තුමාගේ ආවරණය ලබමින් සිටියි.

Ven Naradha and Prophet.png

සමාජ උන්නතිය සඳහා ප්‍රජාවට සේවය කිරීම සඳහා ප්‍රාදේශීය බෞද්ධ විහාරස්ථානය සමඟ එක්ව කටයුතු කිරීම සඳහා ඔහුගේ පල්ලිය ප්‍රථම කැරිස්මැටික්/පෙන්තකොස්ත මෙහෙවරේ ආදර්ශ උදාහරණයක් ආරම්භ කළේය.

කර්බි ද ලැනරෝල් දේවගැතිතුමා බෙදීම හා වෙන් කර තැබීම වෙනුවට සංහිඳියාව සහ ජාතිය ගොඩනැගීම වෙනුවෙන් වූ කිතුනු සභා සංස්කෘතියක් තිරතුරුවම අපේක්ෂා කරයි. ඔහු පරිවර්තනය මත පදනම් වූ ශුභාරංචියට වඩා විසඳුම් මත පදනම් වූ ශුභාරංචිය අවධාරණය කරයි. එසේම එදිනෙදා ජීවිතයට අධ්‍යාත්මික බලය සැබෑ ලෙස ක්‍රියාත්මක කිරීම මඟින්, ඇදහිලිවන්තයාට තමාගේ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ලබා ගැනීම උදෙසා බල ගැන්වීම පිළිබඳව ඔහු අවධාරණය කරයි.

 

ඔහු 2004 වසරේ දී ෆියෝනා රේචල් ද ලැනරෝල් දේවගැතිතුමිය (LLB, Buckingham, UK) සමඟ විවාහ වී ඇත. ඇය ෆුලර් දේවධර්ම සම්මන්ත්‍රණයේ දේවධර්මය පිළිබඳ ශාස්ත්‍රපති අපේක්ෂකයෙකි. ෆියෝනා සහ කර්බි දෙපළ WOWLife සභා සහ Warehouse ව්‍යාපෘතියේ ආදි කතෘවරු සහ ඒ පිළිබඳව දැක්මක් සහිත වූ දෙපළ වේ.

bottom of page